අධිවේගී මාර්ග පද්ධතියට අලුතින් 144KM මේ වසරේදී

New Expressways of length 144Km to be added this year.

Advertisements
No Comments

අධිවේගී මාර්ග 144KM මේ වසරේදි ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි

මධ්‍යම අධිවේගී මාර්ගය – 37Km

පිටත වටරවුම් අධිවේගී මාර්ගය -9Km

මාතර මත්තල අධිවේගී මාර්ගය -98Km

මේ වසර අවසානයේදි අධිවේගී මාර්ග කිලෝ මීටර් 144ක් ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග හා ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

ඊයේ (29දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මහින්ද රාජපක්ස මහතාගේ පාලන කාලයේදි ඔහුට ඉදිකිරිමට හැකිවූයේ අධිවේගි මාර්ග කිලෝමිටර් 176ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව වසර තුනකුත් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ මෙම කිලෝමීටර් 144 ඉදිකර අවසන් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.