උත්සව සමයේ දින 6ක් තුල ලංගම ලාභය රු. මිලියන 400 ඉක්මවයි.

SLTB records a net profit of Rs. 400M during last 6 days of Festival Season.

Advertisements
No Comments

පසුගිය අටවනදා සිට 13 වනදා දක්වා රුපියල් මිලියන 400 ක ලාභයක් ලංකා ගමනා ගමන මණ්ඩලය උපයා ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කලා.

ඒ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාව වෙනුවෙන් ක‍්‍රියාත්මක කළ විශේෂ ප‍්‍රවාහන සේවා මගින්. යළි කොළඹ බලා පැමිණීමට ලබන 22 වනදා තෙක් ක‍්‍රියාත්මක බස් සේවා මගින් ද මෙවැනිම ලාභයක් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

පසුගිය 8 වනදා පමණක් බෙලිඅත්තට ධාවනය වූ දුම්රියෙන් රුපියල් පන්ලක්ෂ හතලිස් දෙදහසක ආදායමක් ඉපැයු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ITN News