40 km දිගින් යුත් මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය මේ වසර තුල වාහන ගමනාගමනයට විවෘත කෙරේ.

No Comments

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මෙම වසර අවසානයේදී නිම කිරිමට හැකි බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

මීරිගම සිට කුරුණෑගල දක්වා වන මෙම කොටස කිලෝමීටර් 39.29 ක දිගින් යුක්ත වන අතර එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70 ක ප්‍රමාණයක් මේවන විට අවසන් කර තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු 2016 වසරේදී ආරම්භ වූ අතර එහි දෙවැනි අදියරේ ඉදිකිරීම් දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු කිරීම විශේෂත්වයක්.

අදියර 4ක් යටතේ ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය කි.මී.168.7ක දුරකින් යුක්ත වනවා.

එහි පලවන අදියර කඩවත සිට මීරිගම දක්වාද දෙවන අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා ද ඉදි වන අතර තෙවන අදියර පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකරනු ලබන අතර සිව් වන අදියර කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඉදි කිරීමට නියමිතයි.

Advertisements