Category: Ports & Maritime

USA Gifted a 115m Super Naval Vessel “Gajabahu” for SL Navy

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් නෞකාව අධිකාරියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06දා) කොළඹ වරාය පරිශ්‍ර‘යේදී සිදු කෙරිණි. එම නෞකාව ගජබාහු ලෙස නම් කර තිබේ.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නාවික හමුදාපතිවරයා සහ ඇමරිකානු තානාපතිනියද එක්ව සිටියහ.

Advertisements

කොළඹ වරාය නැගෙනහිර පර්‍යන්තය ශ්‍රී ලංකා – ජපන් – ඉන්දියා හවුල් ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනයට පියවර

මෙම සහයෝගිතා ගිවිසුම මගින් නැගෙනහිර පර්යන්තයේ හිමිකාරිත්වය 100 % ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන අතර පර්යන්ත මෙහෙයුම් සමාගම නමින් නව සමාගමක් ආරම්භ කෙරෙන අතර එහි 51% ක හිමිකාරිත්වය ශ්‍රී ලංකාව සතුයි. සෙසු පාර්ශවවලට මිලදී ගත හැකි කොටස් ප්‍රමාණය 49% ක් බව වරාය අධිකාරිය පවසයි. ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර හවුල් ව්‍යාපෘතියක් ලෙස

Continue reading

Sri Lanka – Japan – India Joint Venture on East Container Terminal of Colombo Port

ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සහයෝගිතා ගිවිසුමක් ඇතිකර ගැනීමට සූදානම් වන බව වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයෙන් තහවුරු වේ.
අධිකාරිය පැවසූවේ, යෝජිත සහයෝගිතා ගිවිසුම අනුව ජාතික අවශ්‍යතා පවත්වාගැනීම හා තවදුරටත් පුළුල් කිරීමත් ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමග මනා සබඳතාවක් ස්ථාපනය කර ගැනීමත් අපේක්ෂා කරන බවයි.
මෙම සහයෝගිතා ගිවිසුම මගින් නැගෙනහිර පර්යන්තයේ හිමිකාරිත්වය 100 % ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන බව නිවේදනයේ සඳහන් විය.
මේ යටතේ පර්යන්ත මෙහෙයුම් සමාගම නමින් නව සමාගමක් ආරම්භ කෙරෙන අතර එහි 51% ක හිමිකාරිත්වය ශ්‍රී ලංකාව සතුයි.
සෙසු පාර්ශවවලට මිලදී ගත හැකි කොටස් ප්‍රමාණය 49% ක් බව වරාය අධිකාරිය පවසයි.
මෙහිදී ජපානයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන ණය මුදල ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති හොඳම ණය කොන්දේසිවලින් සමන්විත බව වරාය අධිකාරියේ පැහැදිලි කරයි.
නමුත් තවමත් කෙටුම්පත් අවස්ථාවේ පවතින නිසා එම කොන්දේසි ඔවුන් අනාවරණය කර නැත.
සීඝ්‍රයෙන් වෙනස් වන තරගකාරී ගෝලීය නැව් භාණ්ඩ වෙළෙඳාමට සරිලන ලෙස වරාය ධාරිතාව පුළුල් කිරීමත් සේවාවේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමත් සිදුවිය යුතු බව වරාය අධිකාරිය වැඩිදුරටත් පවසා තිබේ.