විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තු හෙට සිට ඉහළට

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තු හෙට සිට ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ සාමාන්‍ය සේවය සඳහා මීට පෙර අයකල රුපියල් 3,000 ක මුදල රුපියල් 500 කින් ඉහළ දමා ඇති බවයි. ඒ අනුව සංශෝධිත නව ගාස්තුව රුපියල් 3,500 ක් වනු ඇත.

Continue reading

40 km දිගින් යුත් මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය මේ වසර තුල වාහන ගමනාගමනයට විවෘත කෙරේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මෙම වසර අවසානයේදී නිම කිරිමට හැකි බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. මීරිගම සිට කුරුණෑගල දක්වා වන මෙම කොටස කිලෝමීටර් 39.29 ක දිගින් යුක්ත වන අතර එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70 ක ප්‍රමාණයක් මේවන විට අවසන් කර තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු 2016 වසරේදී ආරම්භ වූ අතර එහි දෙවැනි අදියරේ

Continue reading

කොළඹ වරාය නැගෙනහිර පර්‍යන්තය ශ්‍රී ලංකා – ජපන් – ඉන්දියා හවුල් ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනයට පියවර

මෙම සහයෝගිතා ගිවිසුම මගින් නැගෙනහිර පර්යන්තයේ හිමිකාරිත්වය 100 % ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන අතර පර්යන්ත මෙහෙයුම් සමාගම නමින් නව සමාගමක් ආරම්භ කෙරෙන අතර එහි 51% ක හිමිකාරිත්වය ශ්‍රී ලංකාව සතුයි. සෙසු පාර්ශවවලට මිලදී ගත හැකි කොටස් ප්‍රමාණය 49% ක් බව වරාය අධිකාරිය පවසයි. ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර හවුල් ව්‍යාපෘතියක් ලෙස

Continue reading

Sri Lanka – Japan – India Joint Venture on East Container Terminal of Colombo Port

ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සහයෝගිතා ගිවිසුමක් ඇතිකර ගැනීමට සූදානම් වන බව වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයෙන් තහවුරු වේ.
අධිකාරිය පැවසූවේ, යෝජිත සහයෝගිතා ගිවිසුම අනුව ජාතික අවශ්‍යතා පවත්වාගැනීම හා තවදුරටත් පුළුල් කිරීමත් ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමග මනා සබඳතාවක් ස්ථාපනය කර ගැනීමත් අපේක්ෂා කරන බවයි.
මෙම සහයෝගිතා ගිවිසුම මගින් නැගෙනහිර පර්යන්තයේ හිමිකාරිත්වය 100 % ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන බව නිවේදනයේ සඳහන් විය.
මේ යටතේ පර්යන්ත මෙහෙයුම් සමාගම නමින් නව සමාගමක් ආරම්භ කෙරෙන අතර එහි 51% ක හිමිකාරිත්වය ශ්‍රී ලංකාව සතුයි.
සෙසු පාර්ශවවලට මිලදී ගත හැකි කොටස් ප්‍රමාණය 49% ක් බව වරාය අධිකාරිය පවසයි.
මෙහිදී ජපානයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන ණය මුදල ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති හොඳම ණය කොන්දේසිවලින් සමන්විත බව වරාය අධිකාරියේ පැහැදිලි කරයි.
නමුත් තවමත් කෙටුම්පත් අවස්ථාවේ පවතින නිසා එම කොන්දේසි ඔවුන් අනාවරණය කර නැත.
සීඝ්‍රයෙන් වෙනස් වන තරගකාරී ගෝලීය නැව් භාණ්ඩ වෙළෙඳාමට සරිලන ලෙස වරාය ධාරිතාව පුළුල් කිරීමත් සේවාවේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමත් සිදුවිය යුතු බව වරාය අධිකාරිය වැඩිදුරටත් පවසා තිබේ.

Germany, Switzerland, Sweden , China Lift Travel Restrictions on Sri Lanka.

China. Germany, Switzerland and Sweden have relaxed their travel restrictions on Sri Lanka, the Sri Lanka Tourism Development Authority (SLTDA) said. China was the first country to lift travel restrictions on Sri Lanka. However, these countries have advised their citizens to exercise caution when travelling in Sri Lanka. Prime Minister Ranil Wickremesinghe held a meeting

Continue reading